Home HELATH & BEUTY අපේම ක්‍රමයකින් සුමාන 2 න් කොරෝනා වසංගතය තුරන් කරන්න පුළුවන් – වෛද්‍ය...

අපේම ක්‍රමයකින් සුමාන 2 න් කොරෝනා වසංගතය තුරන් කරන්න පුළුවන් – වෛද්‍ය ගාමිණී අභය මහතාගේ හෙළිදරව්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය පිණිසයි !

616
0

‘‘සති 2 න් මේ වසංගතය තුරන් කළ හැක‘-  එක්සත් රාජධානියේ ‍වෛද්‍ය ගාමිණී අභය මහතා කරන විශේෂ හෙළිදරව්ව

* * * *

වෛද්‍ය ගාමිණී අභය මහතා එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) වසර 35  ක් පමණ සේවය කළ වෛද්‍යවරයෙකි. තවද එංගලන්තයේ’ Primary Care Trust හි විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. කලක් හෘද රෝග විශේෂඥයෙකු ලෙස සෞදි අරාබියේ ද සේවය කළ වෛද්‍ය ගාමිණී අභය මහතා වරින් වර ලංකාවට පැමිණෙමින් බුද්ධ දර්ශනය සහ නිරෝගී සුවය පිළිබඳ සිය දැනුම දේශීය භාෂාවෙන් ලංකාවේ ජනතාවට ලබා දෙයි. මේ වන විට වෛද්‍ය ගාමිණී අභය මහතා නැවතත් ලංකාවට පැමිණ සිටියි. ඔහු ආණ්ඩුවේ කොවිඩ් මර්දන සටනට සිය දැනුම, කැපවීම සහ ප්‍රවීණත්වය සමග නායකත්වය ලබාදෙන්නට සූදානම් ය. 

‘‘දැන් උදා වෙලා තියෙන්නෙ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන දේවල්වත් පිළිගන්න පුළුවන් කාලයක් නෙවෙයි. ඒ මන්ද, එම සංවිධානය දැන් දැන් වෙනත් රටවල බලපෑම්වලට භාජනය වී තිබෙන නිසයි. මේ අතර ලංකාව, කොරෝනා වෛරස් ව්‍යාප්තියේ සංධිස්ථානයකට පැමිණ තිබෙනවා. මෙතැනින් එහාට කොයි පැත්තට යාවිද දන්නෙ නෑ. 

මේ තරම් කාලයක් කළ දේවල්වලින් පලක් වුණාද?

‘‘ලෝක සෞඛ්‍ය සංවිධානය කියපු විදිහට අපි ගෙදරට වෙලා මුඛ ආවරණ පැළඳගෙන අත්සෝදාගෙන නිරෝධායනය ආයතනවලට සැක සහිත අය යවලා රෝගීන් හඳුනාගෙන ක්‍රියාත්මක වුණා. නමුත් ඒ ක්‍රමයෙන් රෝගීන් අඩුවන බවක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපට සොයාගන්නට වෙනවා, වෙනත් විකල්ප ක්‍රමයක්. අපේ ලංකාවේ ම ක්‍රමයක්..‘‘

‘‘පිටරට අය කියන හැටියට නෙවෙයි, ලංකාවේ අපිටම ඔබින ක්‍රමයකින් මේක නවත්තාගන්නට අපි දැන් උත්සාහ ගත යුතුයි. මීට සුමාන දෙකකට පෙර දැමූ වීඩියෝවකින් මම මේ ක්‍රමය කියල දුන්නා. ඒ ක්‍රමයෙන් සුමාන 2 කින් මේ වසංගතය සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන්.‘‘

වෛද්‍ය ගාමීණී අභය මහතා පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති උපදෙස් පිළිපැදීම නතර කරන ලෙස නොවේ. ඒ සමගම ලංකාවටම ගැළපෙන ඔහු යෝජනා කරන ක්‍රමය ද සමග රටක් වශයෙන් අප මේ ප්‍රශ්නයෙන් මිදිය යුතු බව ය. 

‘‘එහෙම නොවුණොත් ඉදිරියේදි මැතිවරණයක්වත් තියාගන්න බැරි කාලයක් උදා වෙනවා. ඒ නිසා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමාට පුළුවන් මේ ක්‍රමය ගැන සාකච්ඡා කරලා කළ යුතු දේ නොපමාව ආරම්භ කරන්න… 

මෙම සති 2 කින් කොරෝනා වසංගතය දුරලන ක්‍රමය මගින් ඔහු යෝජනා කරන්නේ ජනතාවගේ  බිඳ වැටී ඇති ප්‍රතිශක්තිය, කොරෝනා වෛරසයට ඔරොත්තු දෙන පරිදි වැඩි දියුණු කිරීමයි. ඒ සඳහා ග්ලූටෙන් අඩංගු ආහාර සහ කිරි වර්ග වහාම නතර කිරීමේ සරල ක්‍රමය ඔහු විසින් විද්‍යාත්මක ව පැහැදිලි කරනු ලබයි. 

ආණ්ඩුව සහ කොවිඩ් මර්දන කාර්යසාධන බලකාය මේ මොහොතේ කළ යුත්තේ ලංකාවෙන් බිහි වූ මෙවැනි බුද්ධිමතුන්ගේ අදහස්වලට ඉඩ කඩ ලබාදීමයි. එය, මේ මොහොතේ නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, හුදෙකලාකරණය, ඇඳිරි නීතිය පැනවීමට තරමටම හෝ ඊටත් වඩා වැදගත් දෙයක් වනු ඇත. කොවිඩ් මර්දන මෙහෙයුම්වලට සම්බන්ධ වූ හමුදා සෙබළුන්ට ද බුරුතු පිටින් රෝගය වැළඳෙමින් තිබෙන වාතාවරණයක් තුළ, පොකුරු පිටින් රෝගීන් හමුවීමේ අවදානමක් තුළ ලංකාව පසුවන මෙවැනි අවස්ථාවක වෛද්‍ය ගාමිණී අභය මහතාගේ යෝජනාව සහ විද්‍යාත්මක අදහස කෙරෙහි අවධානය යොමු වීම රටේ යහපතට හේතු වනු ඇත.

‘‘පිටරට අය කියා නොදෙන අපේම ක්‍රමයකින් අපිට පුළුවන් මේක ලංකාවෙන් තුරන් කරන්න…අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආරාධනා කරනවා, මේ ගැන විමසල බලන්න, නැතිනම් මෙතැනින් එහාට අපි ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්…‘‘


වෛද්‍ය ගාමිණී අභය මහතා සති 2 කින් කොවිඩ් වසංගතය සම්පූර්ණයෙන්ම නතර කරන අයුරු මීට පෙර වීඩියෝවකින් පැහැදිලි කර දී තිබේ. එහි ඇති ප්‍රධාන කාරණා පහත දැක්වේ. ඒ පිළිබඳ වැඩිදුර විස්තර, එම වීඩියෝව නැරඹීමෙන් ඔබට ද අවබෝධ කර ගත හැකිය. 

– පාන්පිටි සහ කිරි ආහාර නවත්වන තෙක් අපේ රටට කොරෝනාවලින් ගැළවීමක් නැහැ…
– අඩුම ගානෙ සුමාන 2 ක්වත් ග්ලූටෙන් අඩංගු කෑම බීම නැවැත්විය යුතුයි. එසේ නවත්වා මුල් දින 4-5 ඇතුළතම පාන්පිටිවල ඇති ග්ලූටෙන්වලින් දුර්වල වී ඇති ප්‍රතිශක්තිය නැවත සාමාන්‍ය තත්වයට පත් වෙනවා. 
– එතකොට කිසිම වෛරසයකට ශරීරය රෝගී කරන්න බැහැ…
–  සුමාන 2 ක් යද්දි මේ වසංගතය සම්පූර්ණයෙන්ම නවතාගන්න පුළුවන්..
– කිරි ආහාර නිසා වෛරසය ශරීරගත වෙන නාසය හා උගුරේ ඇති පටලවල ප්‍රතිශක්තිය බිඳ වැටෙනවා..
– වෙන මොන දේ කළත් මේ දේ නොකළොත් රටම අනතුරේ….