Home HELATH & BEUTY තවත් ආසාදිත 34 සමග – ආසාදිතයින් එකතුව 557

තවත් ආසාදිත 34 සමග – ආසාදිතයින් එකතුව 557

49
0

April27
2.45pm
තවත් ආසාදිතයින් 34ක් අද දිනයේ වාර්තා වීමත් සමඟ නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 557ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
12.45am
තවත් කොරෝනා ආසාදිතයින් 18 ක් වාර්තා වීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මේ අනුව 26 ඉරිදා දිනය තුළ පමණක්
වාර්තා වූ රෝගීන් ගණන 63ක් වනවා. මෙය මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වනවා.
April26
10.13pm
තවත් රෝගීන් 6 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 505ක් වනවා.අද දිනයේ දැනට ආසාදිතයින් 45 කි. මුල්වරට 500 සීමාව ඉක්මවා ලංකාවේ  කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඒ අනුව සටහන් විය.

10.00pm
තවත් රෝගීන් 14ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 499ක් වනවා.අද දිනයේ දැනට ආසාදිතයින් 39 කි.
8.45pm
තවත් රෝගීන් 08ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 485ක් වනවා.අද දිනයේ දැනට ආසාදිතයින් 25 කි.
7.00pm
තවත් රෝගීන් 06ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 477ක් වනවා.
4.20pm
අද දිනයේ තවත් රෝගීන් 04 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 471 ක් වනවා.
2.20pm
අද දිනයේ තවත් රෝගීන් 05 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 467 ක් වනවා.
12.10pm
අද දිනයේ තවත් රෝගීන් 02 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 462 ක් වනවා.

7.15am
නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 08 දෙනෙක් ඊයේ දින රාත්‍රී කාලයේදී වාර්තාවී ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 460ක් වන අතර ඊයේ දිනයේදී පමණක් ආසාධිතයින් 40ක් වාර්තා වී තිබේ.
April25
10.15pm
තවත් ආසාදිත 3 එකතුවී ඇති අතර මුළු එකතුව 452 කි.
9.20pm
තවත් ආසාදිත 9 එකතුවී ඇති අතර මුළු එකතුව 449 කි.
7.40pm
තවත් ආසාදිත5 එකතුවී ඇති අතර මුළු එකතුව 440 කි.
6.30pm
තවත් ආසාදිත 2 එකතුවී ඇති අතර මුළු එකතුව 435 කි.
6.15pm
අද (25) දිනයේදී මේ දක්වා කොරෝනා ආසාධිත රෝගීන් 13 දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 433ක් වනවා. මෙලෙස වාර්තා වූ රෝගීන් 07 දෙනෙක් කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ සිට නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් සිටි අයයි.
11.10am
තවත් ආසාදිත 3 එකතුවී ඇති අතර මුළු එකතුව 420 කි.
April24
11.10pm
තවත් ආසාදිතයකු එකතුවී ඇති අතර අද දිනයේ දැනට ආසාදිතයින් 49 කි.  මුළු එකතුව 417 කි.
8.25pm
තවත් ආසාදිතයකු එකතුවී ඇති අතර අද දිනයේ දැනට ආසාදිතයින් 48 කි.  මුළු එකතුව 416 කි.
7.15pm
තවත් ආසාදිත මරදාන ප්‍රදේශයේ ගැබිණි කාන්තාවක එකතුවී ඇති අතර අද දිනයේ දැනට ආසාදිතයින් 47 කි.  මුළු එකතුව 415 කි.
6.05pm
තවත් ආසාදිතයින් 5 ක් එකතුවී ඇති අතර අද දිනයේ දැනට ආසාදිතයින් 46 කි.  මුළු එකතුව 414 කි.
5.40pm
වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බව අද කළ පීසීආර් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර ඒ අනුව මුළු ආසාදිත එකතුව 409 දක්වා ඉහළ ගොස් ඇත.

5.20pm
තවත් 06 නෙකු ආසාදනය වී ඇති බව හදුනාගැනීම සමග බණ්ඩාරනායක මාවතෙන් අද හමුවූ 11 දෙනා නිසා ආසාදිතයින් එකතුව 379 දක්වා ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය අනිල් ජාසිංහ කීවේය.
11.35am
තවත් 05 නෙකු ආසාදනය වී ඇති බව හදුනාගැනීම සමග මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 373 දක්වා ඉහළ ගොස්  තිබේ.

April23
10.05pm
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන සෙබළුන් දෙන්නාට අමතරව තව 28 දෙනෙකු එකවර වාර්තාවීම සමග අද දිනයේ 38 වැනි ආසාදිතයාත් වාර්තා වන අතර මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 368 දක්වා ඉහළ ගොස්  තිබේ.
9.05pm
තවත් 03 නෙකු ආසාදනය වී ඇති බව හදුනාගැනීම සමග අද දිනයේ 10 වැනි ආසාදිතයාත් වාර්තා වන අතර මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 340 දක්වා ඉහළ ගොස්  තිබේ.

7.45pm
තවත් 02 නෙකු ආසාදනය වී ඇති බව හදුනාගැනීම සමග අද දිනයේ 07 වැනි ආසාදිතයාත් වාර්තා වන අතර මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 337 දක්වා ඉහළ ගොස්  තිබේ.
5.30pm
තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙක් හමුවී ඇති අතර  රෝගීන් සංඛ්‍යාව 335ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි. අද දිනයේදී මේ දක්වා ආසාධිතයින් 05 දෙනෙක් වාර්තා වී ඇත.

02.00pm
කොරෝනා ආසාධිත තවත් රෝගීන් 4 දෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.මින් පෙරද රෝගීන් හමුවූ කොළඹ 12 කොටහේන ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතෙන් මොවුන් හමුවී ඇත.
ඒ අනූව මෙරට වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් ගණන 334ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
April22
11.50pm
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 330දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් රෝගීන් 02 ක් වාර්තාවීමත් සමඟිනි.ඒ අනුව අද දිනයේදී රෝගීන් 20 ක් හමුවී තිබේ.

11.20pm
අද දිනයේදි කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 5 ක් හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 18ක් හමුවී තිබේ. දැන් එකතුව 328 කි
7.30pm
අද දිනයේදි කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයෙක් හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 13ක් හමුවී තිබේ. දැන් එකතුව 323 කි
මොහු ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේදී හමුවූ ජාඇල සුදුවැල්ල පදිංචිකරුවෙකු බව වාර්තාවේ.
5.30pm
අද දිනයේදි කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයෙක් හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 12ක් හමුවී තිබේ. ආසාදනය වූ පුද්ගලයා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අයෙකි.
2.00pm
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 321 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් රෝගීන් 11 ක් වාර්තාවී ඇත.හඳුනාගත් 11 දෙනාම බේරුවල ප්‍රදේශයේ අය බවද ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී පරීක්ෂණ ධනාත්මකවූ බවද දන්වා ඇත.
පී.සී.ආර්.පරීක්ෂණයට භාජනය කළ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රිසිනී මාරසිංහ මහත්මිය පැවසුවාය.
පිළියන්දල නිවන්තිඩිය  ග්‍රාමෝදය මාවතෙහි මාළු ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකන් සහ සමීපව ඇසුරුකළ පිරිසට කොරෝනා ආසාදනය වී නැති බව තහවුරු වී ඇති බව පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා ප්‍රකාශ කළේය.   
April21
6.00pm
නව කොරෝනා වෛරසය වැළදුණු තවත් ආසාදිතයකු වරකාපොළින් වාර්තාවී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 310 කි.
(මෙම ආසාදිතයා මුලින් රත්නපුර අයකු ලෙස වාර්තා කර තිබුන අතර එය ප්‍රමාද දෝෂයක් ලෙස පසුව නිවේදනය විය)
11.30am
නව කොරෝනා වෛරසය වැළදුණු තවත් ආසාදිතයින් 5ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 309 කි.