Home LOCAL NEWS හැදුනුම්පත් ක‍්‍රමයෙන් කොරෝනා පොකුරු බිහිවීමේ දැඩි අවදාමක්..

හැදුනුම්පත් ක‍්‍රමයෙන් කොරෝනා පොකුරු බිහිවීමේ දැඩි අවදාමක්..

57
0

Covid – 19 වයිරසය දරුණු අන්දමින් රට පුරා පැතිරයෑමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙමින් පවතින අවස්ථාවේ භාණ්ඩ හා ඔෟෂධ මිලදී ගැනීම සඳහා ළඟම ඇති වෙළෙඳසල්වලට එක් එක් දිනවල එක් එක් පුද්ගලයකු නිවසින් බැහැරවීමට අවස්ථාව සැලසීමෙන් හැම නිවෙසක් තුළටම කොරෝනා වයිරසය රැගෙන යෑමට පාර කැපීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

මෙම අවදානම නොසලකා හැර කටයුතු කළහොත් සෑම නිවෙසකින්ම කොරෝනා ආසාදිතයන් බිහිවී රෝගය පාලනය කරගත නොහැකි වෙනවා පමණක් නොව ආසාදිතයන් ගමක්, නගරයක් පාසා පොකුරු පිටින් බිහිවීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවට එම සංගමය අනතුරු අඟවයි.