Home LOCAL NEWS අභ්‍යාසලාභී උපාධිධාරීන්ට රුපියල් 20,000 දීමනාව ගෙවීම මැකො නවත්වයි.

අභ්‍යාසලාභී උපාධිධාරීන්ට රුපියල් 20,000 දීමනාව ගෙවීම මැකො නවත්වයි.

387
0

අභ්‍යාසලාභී උපාධිධාරීන් වෙනුවෙන් රුපියල් 20,000ක දීමනාව ලබාදීමට රජය කටයුතු කළත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති මෙම අවස්ථාවේදී එම දීමනාව ගෙවීම අත්හිටුවන ලෙසට මැතිවරණ කොමිසම දන්වා ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර මැතිවරණ කොමිෂම මේ බව සඳහන් කරමින් යොමුකළ ලිපියද ඔහු මෙහිදී ඉදිරිපත් කළා.