Home WORLD කොරෝනා ආසාදිතයින් සඳහා යොදාගත හැකි නව ඖෂධයකට හදිසි අනුමැතිය.

කොරෝනා ආසාදිතයින් සඳහා යොදාගත හැකි නව ඖෂධයකට හදිසි අනුමැතිය.

216
0

කොරෝනා ආසාදිතයින් සඳහා යොදාගත හැකි ඖෂධයකට අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලක අධිකාරිය සිය හදිසි අනුමැතිය ලබාදී තිබෙනවා.

මෙය ඉබෝලා වෛරසය සඳහා යොදා ගත් ඖෂධයක් වන අතර තවදුරටත් වැඩි දියුණු කරමින් කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගත හැකිදැයි පරීක්ෂණ මට්ටමේදී අත්හදා බැලුණා.

කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ දින 15 සිට 11 දක්වා අඩු කිරීමට එම ඖෂධයට හැකියාවක් පවතින බයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

එහි පළමු අදියර යටතේ අදාළ ඖෂධ කුප්පි මිලියන 1.5 ක් රෝගින්ගේ ප්‍රතිකාර සඳහා ලබාදී ඇති බවයි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ.

ඒ අනුව ලබන සඳුදා (04) සිට එම ඖෂධය අමෙරිකාව පුරා බෙදා හැරීමට සැළසුම් කර තිබෙනවා.

නමුත් චීන පරීක්ෂණ කණ්ඩායමක් මීට පෙර මෙම ඖෂධයේ භාවිතය සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණා.

එහිදී පර්යේෂකයින් කියා සිටියේ අදාළ ඖෂධයෙන් පමණක් කොරෝනා වෛරසය පාලනය කළ නොහැකි බවයි.