Home LOCAL NEWS කොරෝනා සුව වූ පළමු ‍නාවික නිළධාරියා IDH රෝහලෙන් පිටව යයි.

කොරෝනා සුව වූ පළමු ‍නාවික නිළධාරියා IDH රෝහලෙන් පිටව යයි.

135
0

2020 අප්‍රේල් මස 25 වන දින කොවිඩ් – 19 ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නිළධාරියා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ ( 03) වන දින රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

‍මෙම නාවික පුද්ගලයා 2020 අප්‍රේල් මස 22 වන දින සිට නිවාඩු මත සිටියදී 2020 අප්‍රේල් මස 25 වන දින රත්නපුර රෝහල වෙත ඇතුලත් කර PCR පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු කොඩිව් – 19 ආසාදනය වී ඇති බව හදුනාගත්තා. පසුව ඔහු ප්‍රතිකාර සඳහා එදිනම IDH රෝහල වෙත යොමු කරන ලද අතර, IDH රෝහලේ ප්‍රතිකාර ලබා දීමේදී වරින් වර සිදු කල PCR පරීක්‍ෂණ තුනක ප්‍රතිඵල අනුව අදාල වෛරසය තවදුරටත් ඔහුගේ සිරුර තුල නොමැති බව තහවුරු වීම නිසා ඊයේ ( 03) වන දින රෝහලෙන් පිටත් කර තිබෙනවා.

අදාල නාවික නිළධාරියා රෝහලෙන් පිටත්ව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඔහුගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර තිබෙනවා.