Home LOCAL NEWS ග‍්‍රාමීය ප‍්‍රදේශවල තෝරාගත් පාසල් විවෘත කිරීම ගැන ජනපතිගේ අවධානය.

ග‍්‍රාමීය ප‍්‍රදේශවල තෝරාගත් පාසල් විවෘත කිරීම ගැන ජනපතිගේ අවධානය.

64
0

ජනතාවගේ දෛනික ජන ජීවිතය සහ ආයතනික කි‍්‍රයාකාරීත්වය යථා තත්වයට පත් කිරීමේ සැලසුම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට
ලක්ව තිබෙනවා.

ඒ, ඊයේ (05) පස්වරුවේ පළාත් ආණ්ඩුකාරවරුන් සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන් සමග පැවැති සාකච්ඡාවකදීයි.

එහිදී ජනපති අවධාරණය කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය නියම කර ඇති නිර්දේශයන්ට අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සියලූ සේවා ආරම්භ කිරීමට පියවර ගත යුතු බවයි.

එමෙන්ම ආයතන කි‍්‍රයාකාරීත්වය පිළිබඳ සවිස්තරාත්මක සැලසුම් සෞඛ්‍ය අංශවලට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර පොදු ප‍්‍රවාහන කටයුතු නියමිත සෞඛ්‍ය ක‍්‍රමවේද අනුගමනය කරමින් පවත්වා ගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා

ආයතන පවත්වාගෙන යාමේදී සේවක සංඛ්‍යාව තීරණය කිරීම, සේවාවන් අඩාල නොවන ආකාරයෙන් සිදුවිය යුතුයි. ආයතනයක ව්‍යූවහය අනුව සේවා මුර තීරණය කළ හැකි වනවා.

මේ අතර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ගේ නිර්දේශ මත ග‍්‍රාමීය ප‍්‍රදේශවල තෝරාගත් පාසල් විවෘත කිරීමේ හැකියාව සොයා බැලීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා. ඒ අනුව මෙහිදී ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ සෞඛ්‍ය ආශ‍්‍රිත ගැටලූ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.