Home LOCAL NEWS වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට අද ජනපති සමාව.

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට අද ජනපති සමාව.

233
0

මෙවර වෙසක් දිනයට සමගාමීව සිරකරුවන් හා සිරකාරියන් 228 දෙනකු ජනපති පොදු සමාව යටතේ නිදහස් කර හැරීමට පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) බන්දුල ජයසිංහ මහතා පවසනවා.

මෙම පිරිස අතර පිරිමි සිරකරුවන් 224 දෙනකු හා කාන්තා සිරකාරියන් සිවුදෙනකු සිටින බවද, ඒ අතර වසර 10කට වැඩි කාලයක් සිරගතව සිට වයස අවුරුදු 65කට වැඩි කාන්තාවක් සිටින බවද ඒ මහතා පැවසුවා. ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් සංවිධානාත්මක අපරාධ, මත්කුඩු ජාවාරම් වැනි බරපතළ ගණයේ අපරාධවලට සම්බන්ධ නොවන සිරකරුවන් පිරිසක් මෙසේ නිදහස් කරනු ලැබුවා.