Home LOCAL NEWS 2020 අවසන් වන තුරු Facebook වසා තබන්න තීරණයක්.

2020 අවසන් වන තුරු Facebook වසා තබන්න තීරණයක්.

379
0

Facebook ආයතනයේ වැඩි දෙනෙකුට මේ වසර අවසානය වනතෙක් නිවසේ රැඳී සිටිමින් වැඩ කිරීමට ඉඩ ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහි පරිපාලනය නිවේදනය කර ඇත්තේ ආයතනයේ කිහිපදෙනෙකුට පමණක් ගෝලීය වශයෙන් කාර්යාල නැවත විවෘත කිරීමට අදාළව ජූලි මාසයට පෙර නැවත දැනුම්දීමක් කරන බවයි.

කෙසේ වෙතත් Facebook ආයතනය සිය කාර්යාලයෙන් වැඩි කොටසක් ජූලි 6 වනදා සිට විවෘත කරන බව CNBC වාර්තාවක දැක්වෙනවා.

Facebook ආයතනයේ දැනට පුද්ගලයින් 48,268 ක් සේවය කරන අතර ඔවුන් නැවත ආයතනය වෙතට සේවය සඳහා පැමිණිය යුතු දිනයක් මෙතෙක් දැනුම් දී නැහැ.

Facebook ආයතනයේ සේවකයින් මාර්තු මාසයේ සිට නිවසේ සිට වැඩ කරමින් සිටින අතර සමාගමට අනුව, කාර්ය මණ්ඩලය අඩු කිරීම, කාර්යාල වසා දැමීම හෝ ඔවුන් අසනීප වුවහොත් වැඩ කිරීමට නොහැකි විය හැකි දෙයක් සිදු වූවත් කිසිඳු වැටුප් කප්පාදු කිරීමක් සිදුකර නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර Facebook ප්‍රධාන විධායක මාක් සකර්බර්ග් විසින් සමාගමේ කාර්යාලය නැවත විවෘත කිරීමේ සැලැස්ම නිල ප්‍රකාශයකින් ළඟදීම නිවේදනය කරනු ඇති. Facebook විසින් 2021 ජුනි මාසය වන විට පුද්ගලයින් 50 ක් හෝ වැඩි ගණනක් සමඟ සැලසුම් කර තිබූ සියලුම භෞතික සම්මන්ත්‍රණ සහ සිදුවීම් අවලංගු කර ඇති අතර එයට Oculus Connect 7 virtual reality conference සමුළුව ද ඇතුළත් වනවා.