Home LOCAL NEWS “හෝමාගම ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට කිසිදු මහජන මුදලක් වැය වන්නේ නෑ”...

“හෝමාගම ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට කිසිදු මහජන මුදලක් වැය වන්නේ නෑ” – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

218
0

ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුව සියලු පහසුකම් සහිතව හෝමාගම ඉදි කිරීමට නියමිත ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා කිසිදු මහජන බදු මුදලක් වැය නොවන බවත් එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ව සිදු කරන ආයෝජනයක් බවත් තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්‍ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරයන්ට පිළිතුරු ලබාදෙමින් තවදුරටත් අඳහස් දැක්වූයේ, තමන් මහින්ද රජපක්ෂ විද්‍යාලය ආරම්භ කරන අවස්ථාවේ දී ද මෙවැනි ප්‍රචාර සිදු කළ බවත් එහෙත් අද එහි සිසුන් සාමාන්‍ය පෙළ ආදී විභාග සමත් වෙමින් ප්‍රගතියක් අත් කර දී තිබෙන බවද පෙන්වා දුන්නා.