අද ලෝකය පුංචි ගම්මානයක්.විද්‍යාව,තාක්ෂණය සහ සන්නිවේදනය මගින් ගොඩ නගන ලද ජාලගත සම්බන්ධතාවය මගින් අපි අද මේ තැනට පත්ව සිටිනවා. එහෙත්..අපි මේ ගමනේදී වැරදීම්,අත්හදාබැලීම් සහ නවීකරනයන් අතර පැවැති සම්බන්ධතාවයෙන් බොහොමයි. අද ඔබට නැතුවම බැරි විවිධ මෙවලම්වල අතීතය දෙස බලන විට ඒ බැව් හොඳින්ම පැහැදිලි වෙනු ඇති.

1. රූපවාහිනිය

මුල්ම රූපවාහිනිය නිපදවනු ලැබුවේ 1934 වසරේ ජර්මනියේදීය.විශාල ලී පෙට්ටියක් සහිත මෙහි කුඩා තිරයක් සහ අපහැදිලි පින්තූර සහිත විය. මේ රූපවාහිනිය ඩොලර් 445 කට මිළ කර තිබුණි. එය අද වටිනාකම අනුව ඩොලර් 7000 කට සමානය.

නමුත් අද ඕනෑම වෙළඳසැලකින් මිළට ගත හැකි විශාල තිරය, සිහින් ප්ලාස්මා සහිත(slim plasma)රූපවාහිනි දෙස බලන විට එදා පටන් පැමිණි ගමන්මග ඇදහීමටත් අපහසුයි.

2. අව්කණ්නාඩි

මුලින්ම අව්කණ්නාඩි නිපදවා ඇත්තේ සූර්යාලෝකයෙන් නොව හිමපතනයෙන් ඇස් ආරක්ෂා කර ගැනීමටයි.උතුරු අර්ධගෝලයේ පදිංචිකරුවන් විසින් මෙම අව්කණ්නාඩි නිපදවනු ලැබුවේ දැව, අස්ථි හෝ වෙනත් විනිවිද යන ද්‍රව්‍ය යොදා ගෙනයි.ඇස් වෙනුවෙන් පටු කැපුම් හිදැස් ඉතිරි කර තිබුණි.මේ නිර්මානය නිසා හිම මතුපිට ක්‍රිඩා කරන විට හිම පරාවර්තනය වීමෙන් ඇසට සිදු වෙන හානිය වලක්වා ගැනීමට හැකි විය.

එහෙත් අද වෙන විට අව්කණ්නාඩි යනු ඇස් ආරක්ෂා කර ගැනීමට පමණක් නොව විලාසිතාවක් ලෙසිනුත් යොදා ගැනේ.

3. කැමරාව

අද දවසේද අපට සුන්දර මොහොතක් ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය වුනොත් කළ යුත්තේ ජංගම දුරකථනයේ බොත්තම එබීම පමණි. එහෙම නැත්නම් කුඩා සහ බහුකාර්ය කැමරාවකින් මේ මොහොත හසු කර ගැනීමට හැකියාව තිබේ.

එහෙත්..1975 ට පෙරාතු කාලයේදී ඔබට සිදු වුනේ කැසට් ප්ලේයරයක් සවි කර තිබෙන රාත්තල් අටක් පමණ බරින් යුක්ත උපාංගයක් භාවිතා කිරීමටයි.පළමු ඩිජිටල් කැමරාව ක්‍රියාත්මක කිරීමට බැටරි 16 ක් යොදා ගැනීමට සිදු වුණා.

4.සනීපාරක්ෂක කඩදාසි

චීනය විසින් සනීපාරක්ෂක හා සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් කඩදාසි යොදා ගැනීම ආරම්භ කර ඇත්තේ ක්‍රි.ව 589 වැනි කාලයේදීය.එහෙත් වැසිකිලි කඩදාසි භාවිතා කිරීම ආරම්භ වුනේ 1857 දී පමණ කාලයේදීය. මෙම කඩදාසි චතුරශ්‍රවලට කපා මිටි ලෙසින් අසුරා තිබුණි.මුල්ම වැසිකිළි කඩදාසි අද අප දකින ඒවාට වඩා අඩු/වැඩි හෝ සමානය. මුල්ම වැසිකිළි කඩදාසි රෝල් 1880 ගණන්වලදී බ්‍රිතාන්‍යයේ දක්නට ලැබුන අතර ඒවා ”කඩදාසි කරල්” යනුවෙන් හඳුන්වන ලදී.

5. රෙදි සෝදන මැෂිම

මුල්ම රෙදි සෝදන මැෂිම සඳහා පේටන්ට් බලපත්‍ර ලබා ගෙන ඇත්තේ 1851 වසරේදීය.අතින් ක්‍රියාත්මක කිරීම ලෙසින් නිර්මානය වී තිබුන මෙම රෙදි සෝදන මැෂිම නවීන උපාංගවලටත් යම් යම් සමානකම් දක්වන ලදී.අශ්වයින් දහ දෙනෙකුගේ බලය මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වුන අතර එයින් එක් වතාවකදී කමිස 10 සිට 15 අතර ප්‍රමාණයක් සෝදා ගත හැකි වුණා.

නමුත් අද අපේ රෙදි සෝදන මැෂිම ක්‍රියාත්මක කිරීමට විදුලිය තිබීම ප්‍රමාණවත්.අශ්වයින් නිදහස්

6. මේස්

මුලින්ම මේස් භාවිතා කිරීම ගැන වාර්තා වෙන්නේ 3 වන සියවසේ ඊජිප්තුවෙන්ය. ඇඟිලි අතර ඇති අමුතු පරතරය මග හරවා ගැනීමට ඊජිප්තු වැසියන් මේස් සහ සැන්ඩ්ල් (sandals) පැළඳ සිටියා.

නමුත් අද මේස් නැතුව ජේත්තුවට සිටින්න බැහැ ඒ වගේම සැන්ඩ්ල් සමග මේස් භාවිතා කිරීම ගැනත් සිතන්න දුෂ්කරයි.

7. ඩ්‍රිල්

ඩ්‍රිල් එකක් ක්‍රියාත්මක වෙන්නේ එක බොත්තමක් එබීමෙන්.නමුත් 19 වන සියවසේ විද්්‍යුත් ඩ්‍රිල් යන්ත්‍රය හඳුනා ගැනීමට පෙරාතුව පැරණි රෝම ජාතිකයන් මෙම යන්ත්‍රය අතින් ක්‍රියාත්මක කරන ලදී. ඒ වෙනුවෙන් සැලකිය යුතු ශාරිරික බලයක් අවශ්‍ය වෙනවා.

8. ටැම්බුන් (tampons)

අතීතයේ පටන් කාන්තාවන් තමන්ගේ ඔ*සප් කටයුතු සදහා ”ටැම්පුන්” භාවිතා කරන ලදී.නමුත් අද දක්නට ලැබෙන ටැම්පුන්වලට වඩා අතීතයේ ටැම්පුන් බොහෝ සෙයින් වෙනස්. විවිධ සංස්කෘතින් විසින් ටැම්පුන් නිපදවීම වෙනුවෙන් විවිධ අමුද්‍රව්‍ය භාවිතා කර තිබෙනවා. ඒ වෙනුවෙන් පැපිරස්,වූල්,කඩදාසි හෝ පර්ණාංග (fern )යොදා ගෙන තිබෙනවා. ඒ වගේම මෙම ටැම්පුන් වෙලුම්පටි යොදා ගෙන සවි කරනු ලැබේ.

අපි අද දකින වැඩිදියුනු කරන ලද ටැම්පුන් 1930 ගණන්වල නිපදවා තිබේ.

9. ආරක්ෂිත කබා-( life jacket)

ලෝකයේ බහුලව භාවිතා වන ආරක්ෂිත කබා ලෝකයේ බහුලව භාවිතා කරන ජීවිත ගලවා ගැනීමේ උපකරණයකි. 20 වන සියවස මුල් භාගයේදී බොහෝ දෙනාගේ සිතුවිල්ල වූයේ මෙම ආරක්ෂිත කබා චලනය කිරීමට අපහසු බවයි.මේ සිතුවිල්ල මොනතරම් වැරදි වැටහීමක්ද බැව් ඡායාරූපය දෙස බලන ඔබට පැහැදිලි වේවි.

10.රෝලර් ස්කේට්- (roller skates)

මුල්ම රෝලර් ස්කේට් (roller skates)ගැන වාර්තාව1743 වර්සයේදී වාර්තා වේ.නමුත් මේ යන්ත්‍රය අද තරම් වැඩිදියුනු කළ එකක් නොවීය.ඒ නිසා භාවිතයත් අපහසු විය.කාලය සමග වුනත් රෝලර් ස්කේට් වෙනුවෙන් එතරම් සංවර්ධනයක් දක්නට ලැබුනේ නැත.

අද දක්නට ලැබෙන රෝලර් ස්කේට් 1970 දශකයේදී නිපදවන ලදී. මෙය හොකී ක්‍රිඩකයන් වෙනුවෙන් වැඩිදියුනු කරන ලදී.

11. කැල්කියුලේටරය

පළමු කැල්කියුලේටරය arithmometers යනුවෙන් හ‍්න්වන ලදී. මෙයින් කාර්යන් හතරක් සිදු කිරීමේ හැකියාව තිබුණි.ඒවා නම් එකතු කිරීම, අඩු කිරීම,බෙදීම සහ ගුණ කිරීමයි.ගණන්යේ ගුනාත්මක බව රැඳී තිබුනේ උපාංඟය මත නොව පුද්ගලයාගේ නිරවද්‍යතාවය මතයි.

එහෙත් අද කැල්කියුලේටරය භාවිතයට ඉතාම පහසු ලෙසින් හැසිරවීමට හැකි ලෙසින් නිර්මානය වී තිබේ.

12. ළදරු මොනිටරය

අද දවසේ මව්වරුන්ට දරුවාගේ ආරක්ෂාව දුරස්ථව සිට වුනත් හැසිරවීමට හැකියාව ඇති ළදරු මොනිටර් මගින් ලැබී තිබේ. මේ වෙන විට ළදරු මොනිටර් ශබ්දයෙන් පමණක් නොවි වීඩියෝ ලෙසින්ද ඇත.

මවිතයට හේතු වෙන කරුණක් ඇත.සියවස් කීපයකටත් පෙරාතුව පවා දරුවන් රැකබලාගැනීමට ඡායාරූපයේ දැක්වෙන අන්දමේ විවිධ උපාංඟ භාවිතා කර තිබීමයි. මේවා අද තරම් පහසු නොවුනත් පරිහරනයේදී ආරක්ෂිත බවින් අඩුවක් වුනේ නැත.

13. දෘඪ තැටිය-( hard drive)

අදින් වසර හැටකට පෙරාතුව පළමු දෘඪ තැටිය-( hard drive) සමාජයට ඉදිරිපත් විය. එහි බර රාත්තල් 14 කට වා වැඩි විය. මතක ධාරිතාවය 5 MB ක් විය.අද දක්නට ලැබෙන දෘඪ තැටිය ජංගම දුරකථනයක් මෙන් සරලය.එදාට වඩා දස ගුණයක් වැඩි පුර දත්ත ගබඩා කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here