සමහර විට ඔබට ඇත්තේ දුඹුරු ඇස් නම් එය අම්මාගෙන් ලද උරුමයක් විය හැකියි. දිගු කකුල් නම් එය තාත්තාගේ උරුමයෙන් ලැබුනා විය හැකියි. මෙය හිතාගන්නත් අපහසු වුනත් අපේ හැඩහුරුකම් දෙමව්පියන්ගේ ජාන උරුමයෙන් ලැබුන දේවල් විය හැකියි. ඊට අමතරව අපේ මුතුන් මිත්තන්ගන් ලැබුන දේවලුත් තිබෙනවා.

1. පරෙස්සම් වුනත් කොලස්ටරෝල්

රුධිරගත කොලස්ටරෝල් මට්ටමේ අහිතකර තත්වය අද සාමාන්‍ය හෙම්බිරිස්සාවක් තරමටම පොදුයි.මේ වෙනුවෙන් අපට ලැබෙන ලොකුම අවවාදය ජීවන රටාව යහපත් පරිදි පවත්වා ගත්හොත් මේ අහිතකර තත්වයෙන් ආරක්සාව ලැබෙන බවයි.ඒ සඳහා ගැබෙන උපදෙස් ගැනත් ඔබට දැණුවත් බවක් ඇති.කොලස්ටරෝල් නිසා විවිධ අතුරු රෝග සංකුලතාවයන් ඇති වෙන අතර ඒවා මරණය සිදු වෙන තරමටම දරුණුයි. ඒ නිසා සතුටින් දිගු කාලයක් ජීවත්වීමට නම් එළවලු පළතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීම,ප්‍රමාණවත් තරම් ව්‍යායාම කිරීම සාමාන්‍ය උපදෙස් වුනත් මේවා අනුගමනය කළත් කොලස්ටරෝල් රෝගීන් පන්සියයක් අතරින් එක් අයෙකු මේ තත්වයට පත් වෙන්නේ ඔවුන්ගේ ජාන උරුමයෙන්.මේ රෝගීන් ආහාරයට ගන්නේ එළවලු විතරක් වුනත් ඔවුන් කොලස්ටරෝල් රෝගීන් වීම අරුමයක් නොවෙයි.ඊට හේතුව ජානමය තත්වයත් චුදිතයෙක් බවට පත්ව සිටිනවා.

2. තට්ට හිස අම්මාගේ උරුමයක්..

තට්ටය පිරිමින්ගේ උරුමයක් වුනත් තට්ට හිසට හේතු වෙන “X”ක්‍රොමසෝමය මව් පාර්ශවයේ ජානමය උරුමයක්.දැන් ඉතින් අම්මාට විතරක් චෝදනා නගන්නත් එපා. පියා උරුමයෙන් ලැබෙන ජාන වගේම පාරිසරික සාධක නිසාත් පිරිමින්ගේ හිස කෙස් තුනී වී තට්ටය ඇති වෙන්න පුලුවනි.

3. අම්මා හරි දක්ෂයි.

ඔබේ දරුවාගේ ඉගෙනුමේ යම් පසුබෑමක් ඇති විට ඔබ විසින් ඔවුන්ට චෝදනා නගමින් කියන්නේ මම නම් ඉස්කෝලේ යන කාලයේ හරිම දක්ෂයි. ඇයි මගේ හැකියාවන් ඔයාලට නැත්තේ ..ඒක ඇත්ත.අධ්‍යාපනයේදී අප දක්වන සාර්ථකත්වයෙන් 55% ක්ම ජානමය උරුමයෙන් ලැබෙනවා.ඔබේ දෙමව්පියන් පාසල් අධ්‍යාපනය ලබන කාලයේදී විශිෂ්ට හැකියාවන් ප්‍රදර්ශනය කලා නම් එයින් ඔබටත් සෑහෙන වාසියක් ලැබෙනවා.කොටින්ම කියනවා නම් ඉගෙනුම් හැකියාව සඳහා දෙමව්පියන්ගේ ජාන විශේෂ උදව්වක් සපයනවා.

4. කෝපි ලෝලියෙක්ද..?

ඔබ කෝපි බොන්න කැමැති පුද්ගලයෙක්ද? ඔබේ ජාන ඒ වෙනුවෙන් වග කිව යුතුයි.විද්‍යාඥයින් විසින් මේ ගැන තුලනාත්මක අධ්‍යනයක් සිදු කළා.එහිදී කෝපි නැතුව ජීවත් විය හැකි සහ නොහැකි පුද්ගල කාණ්ඩ දෙකම සැලකිල්ලට ගත්තා.කෝපි නැතුව ජීවත් විය හැකියාව ඇති පුද්ගල කණ්ඩායම සතුව තිබුන විහේසිත ජානයෙන් කැෆේන් අවශෝෂනය ඉතා සෙමින් සිදු වුණා.ඒ කණ්ඩායම කෝපි පසු පස ලුහුබැද ගියේ නැහැ.ඔවුන්ට කෝපි තිබුනත් එකයි…නැතැත් එකයි..

5. දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව

දෙවැනි කාණ්ඩයේ දියවැඩියාවට ගොදුරු වෙන්නේ වැඩිහිටියන් කියලා අපි හිතුවත් දැන් තත්වය වෙනස්. අද දෙවැනි වර්ගයේ දියවැඩියාව දරුවන් අතරටත් පැතිරී තිබෙනවා.ඒ වගේම ක්‍රියාහීලී වැඩිහිටියන් පවා මේ රෝග තත්වයට ගොදුරු වීමේ අවදානම ඉහලයි.දුර්වල ආහාර පුරුදු මේ වර්ගයේ දියවැඩියාවට හේතු වුනත් ජාන විකෘතිතාවය නිසාත් දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇති වෙන්න පුලුවනි.

6. වර්ණ හදුනා ගැනීමේ අපහසුව

වර්ණ හදුනා ගැනීමේදී පුද්ගලයින් අතර ඇති වෙනස්කම් වලටත් හේතුව ජාන උරුමයයි.මේ X ජානය පුතාට ලැබෙන්නේ තමන්ගේ මවගෙන්.ඒ නිසාම වර්ණ අන්ධතාවයෙන් පෙලෙන අය අතරින් බහුතරයක් පිරිමින් වීමත් විශේෂයි.ඒ වගේම පියාගෙන් දියනියට X ක්‍රොමසෝමය පියාගෙන් උරුම වුනත් ඔවුන් වර්ණ අන්ධතාවයට ගොදුරු වීමේ බලපෑමක් නැත.

7. ලැක්ටෝස් දිරවන්න බැහැ

අපි කිරෙන වැඩෙන සත්ව විහේෂයක් වුනත් ඔබ නොදැන සිටියත් කිරිවල ඇති ලැක්ටෝස් දිරවා ගත නොහැකි පිරිස 65% ක් වෙනවා.මේ අපහසුතාවය ඇති වෙන්නේත් ජානමය බලපෑමක් නිසයි.නව ජන්ම ලබන දරුවාගේ වර්ධනයට කිරි අවශ්‍ය වෙනවා.ඔවුන් යැපෙන්නේ කිරෙන්.ඒ නිසා ලැක්ටෝස් ජීරණය කර ගත හැකි එන්සයිමය සිරුර විසින් නිපදවා ගන්නවා.නමුත් පුද්ගලයාගේ වර්ධනය සමග ඇතැමුන්ට කිරි ආහාර දිරවා ගැනීමේ හැකියාව දුර්වල කරනවා.ලැක්ටෝස් දරාගත හැකි ජානය ඇති පුද්ගලයන්ට කිසිම කරදරයක් නැතුව ඕනෑම කිරි ආහාරයක් දිරවා ගන්න පුලුවනි.

8. ලයිසන් තිබුනට ඩ්‍රයිවින් බැහැ

අපිටත් බොහෝ කාලයක පටන් මේ සැකය තිබුනා.මාර්ග නිති රීති ගැන කොතරම් දැනුම තිබුනත්,රියදුරු පරීක්ෂනයෙන් සමත් වුනත් මාර්ගයේ වාහනය පදවන හැකියාව ඇතැමුන්ට නැහැ. දිශානතියට කටයුතු කිරීම, මතකය,ප්‍රතික්‍රියාවන්හි වේගය වැනි ක්‍රියාවන්ට බලපාන ජානයක් තිබෙනවා. රිය පැදවීමේදී අවධානය වෙනතකට යොමු වීමට වැඩි ඉඩක් ඇති සහ එම නිසා හදිසි අනතුරකට ලක්වීමේ වැඩි අවදානමක් සහිත පිරිස 30% ක් පමණ විය හැකි බැව් විද්‍යාඥයින් විසින් පෙන්වා දෙනවා.

9. දුර බලන්න

පුද්ගලයන් අතර ඇති විෂමතා බොහොමයි. ඒ අතර ඇතැමුන් යම් යම් තීරණ ගන්නේ දුර දිග කල්පනා කිරීමෙන් වුනත් තවත් අය කිසිම විදිහකින් දුර බැලීමක් නැතුව හදිසි තීරණ ගන්නවා. මේකත් ඔවුන්ගේ නෙව ජානමය වරදක්.දෙමව්පියන් දුර දිග නොබලා තීන්දු තීරණ ගන්නවා නම් ඔවන්ගේ දරුවන්ටත් දුර දිග නොබලා කටයුතු කිරීමේ දුර්වලතාවය ලෝබ නැතුව 50% කින්ම ලැබෙනවා.

නමුත් විද්‍යාඥයින් කියන්නෙත් දැන් ඉතින් චෝදනාව දෙමව්පියන්ටම පවරන්න එපා.විද්්‍යුත් මෙවලම් සමග වැඩි වේලාවක් ගත නොකරන සහ ඇස් වෙහෙස නොකරන පුද්ගලයින් තුළ දුරදිග බලා කටයුතු කිරීමේ හැකියාවෙන් තිබෙන බැව් විද්‍යාඥයින් සදහන් කරනවා.

10. ජනප්‍රියත්වයට හේතු වෙන්නේ ජාන..

මෙය විශ්වාස කිරීමටත් අපහසුයි.පුද්ගලයන්ගේ ජනප්‍රියත්වයේ රහස ඔවු්නගේ ජානමත සැගව සිටින බවට හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් පෙන්වා දෙනවා.ඔවුන් මේ නිගමනය වෙනුවෙන් වසර ගණනාවක් ඉතාම වේදනාකාරී පර්යේෂණයන් ගණනාවක් සිදු කළා.ඔවුන් සඳහන් කරන්නේ මානව වර්ගයාගේ පැවැත්ම ඇති වෙන විට ඒ සමගම ආහාර මුලාශ්‍රයන් වගේම වටිනා තොරතුරු ඇති කණ්ඩායම් සමාජයේ අවධානයට පත් වෙනවා. ඔවුන්ගේ ජාන පරම්පරාවෙන් පරම්පරාවට ලැබී තිබෙනවා. ජාන උරුමය ඇති පුද්ගලයින් සමීප මිතුරන් වගේම සම වයස් කන්ඩායම් වුන අතර ඔවුන් අතර හිතවත්කම් වර්ධනය වුණා.මේ විදිහට ජාන සමානතා ඇති අය අතර සම්බන්ධතාවය වර්ධනය වෙන්නේ කොහොමද යන්න අනාගතයට බාර ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here