ඈත අතීතයේ සිට පුරාණ චීන වෛද්‍ය ශාස්ත්‍රය තුළ ශරීරයේ විෂ දෙපතුලෙන් ඉවත් කිරීම සිදුකරනවා. ඒ සදහා එම ශාස්ත්‍රය තුළ විවිධ ක්‍රම භාවිත කරනවා. එම ශාස්ත්‍රයට අනුව අපේ ශරීරයේ සෑම ඉන්ද්‍රියකටම ඊට අනුරූප වූ සවභාවික ශක්ති කලාපයන් පවතිනවා. මේ කලාප උත්ඡේදනය මගින් ඔවුන් ශරීරයේ විෂ ඉවත් කිරීම සිදුකරනවා. මේ ආකාරයට විෂ ඉවත් කිරීමේ ක්‍රම රාශියක් අතුරෙන් කිහිපයක් රැජිණිය අපි අද ඔයාලට රැගෙන එනවා.

01. අයනික පා දෝවනය (IONIC FOOT BATH)

මෙහිදී, ශරීරයේ ඇති විෂ පදාර්ථ විද්‍යුත් ව්ච්ඡේදනය මගින් ශරීරයෙන් ඉවත් කිරීම සිදුකරයි. මෙහිදී සිදුවන්නේ විද්‍යුත් ධාරාවක් මගින් රසායනික ප්‍රතික්‍රියාවක් සිදුකොට ශරීරයේ ඇති විෂ ඉවත් කිරීමයි. ආයනික පා දෝවයනය මගින් සිදුවන්නේ ජලයේ අයන කොටස් යටි පතුල් හරහා ශරීරයට ඇතුල් වී ශරීරයේ ඇති විෂ පදාර්ථ කඩිනමින් ඉවත් කරයි. මෙහිදී භාවිත කරන්නේ උණුසුම් ජලය හා ලුණුයි. ඒවා මගින් යටි පතුල් වල සිදුරු විවෘත වීමත්, විෂබීජ නැසීමත් සිදුවෙයි. මෙහි සාර්ථකතාවය ජලය අඳුරු පැහැයට හැරීමෙන් දැකගත හැකිය. ආයනික පා දෝවන ක්‍රම කිහිපයක් අතරින් ඒවා සිදුකරන ආකාරය පහතින් දැක්වේ.

02. විෂහරණ ලුණු ගල්වනය (SALT DETOX BATH)
  • අවශ්‍ය ද්‍රව්‍ය

මුහුදු ලුණු සහ එප්සම්(Epsom) ලුණු කෝප්ප 1 බැගින්.
බේකින් සෝඩා කෝප්ප 2ක් හා ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක් (ACV)
ඔබට අවශ්‍යය තෙල් වලින් බිංදු කිහිපයක්

  • ක්‍රමවේදය

‌ උතුරන තුරු රත්කරගත් ජලයට ලුණු දමා හොදින් දියකර ගන්න.ACV සහ තෙල් ස්වල්පය බැගින් දමා , එය තුල ඔබේ පාද ගිල්වා, ඔබේ ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් වීමට විනාඩි 30ක් පමණ තබාගන්න. ඔබට වෙහෙස ගතියක් දැනුනත්, එය ඔබේ ශරීරයෙන් විශාල විෂ ප්‍රමාණයක් ඉවත් වීම නිසා දැනෙන සාමාන්‍ය තත්වයකි.

03. විෂහරණ මැටි ගල්වනය. (CLAY DETOX BATH)
  • අවශ්‍ය ද්‍රව්‍ය

එප්සම්(Epsom) ලුණු සහ Bentonite Clay – බෙන්ටෝනයිට් මැටි කෝප්ප ½ බැගින්
ඔබේ ප්‍රියතම අත්‍යවශ්‍ය තෙල් වලින් බිංදු කිහිපයක්

  • ක්‍රමවේදය

‌ උතුරන තුරු රත්කරගත් ජලයට ලුණු දමා හොදින් දියකර ගන්න. එයට තෙල් සහ Clay එකතු කරගන්න.පොල්කටු හැන්දක් ආධාරයෙන් සියල්ල හොඳින් දිය වන තුරු මිශ්‍ර කරන්න. ඉන්පසු ඔබේ පාද එහි ගිල්වා මිනිත්තු 20-25ක් තබා ගන්න. මෙහිදී මැග්නීසියම් ප්‍රමාණය ඉහළ ගොස් ඔබේ ශරීරයේ විෂ ඉවත් වෙයි.

04. විෂහරණ ඔක්සිජන් ගල්වනය. (OXYGEN DETOX BATH)
  • අවශ්‍ය ද්‍රව්‍ය

ඉඟුරු කුඩු මේස හැඳි 1 ක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කෝප්ප 2 ක්

  • ක්‍රමවේදය

උණුසුම් ජලය ගෙන එයට ඉඟුරු කුඩු හා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකතු කර ඔබේ පාද එම බඳුන තුල මිනිත්තු 30ක් පමණ ගිල්වා තබන්න.මෙය ශරීරයේ විෂ ඉවත් කිරීම මෙන්ම සමේ ආසාත්මිකතා වලට පිලියමක් ද වෙයි.

05. විෂහරණ පාද රදවන – (FOOT DETOX PADS)

විෂහරණ පාද රදවන – (FOOT DETOX PADS) ක්‍රමය ඉතා සරල ක්‍රමවේදයකි.මෙය ඔබට ඖෂධ සැල් වලින් පහසුවෙන් මිලදී ගත හැක. මෙම PADS රාත්‍රී නින්දට පෙර ඔබේ පාද වල යටි පතුලෙහි අලවා ගෙන, උදෑසන ඉවත් කරන්න. එම PADS අඳුරු පැහැ වනවා යනු ක්‍රියාවලිය හරියාකාරව සිදුවී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here