ඉතා ආකර්ෂණීය ලොකු දෑසක් තිබීම හැම ගැහැණු ළමයෙක්ගේම සිහිනයක්. ලෝකයේ පුරා සිටින රූපලාවණ්‍ය විශේඥයින්ගේ උපදෙස් හා උපක්‍රම භාවිතයෙන් ඔබට පහසුවෙන් ඔබේ ඇස් වල පෙනුම විශාල කොට, ආකර්ෂණීය හා කාන්තිමත් දෙනෙතක් හිමිකර ගන්න පුලුවන්.

රැජිණිය අපි අද ඔයාලට රැගෙන එන්නේ ඇස් වල පෙනුම විශාල කර ගැනීමට හැකි පුංචි රහස් ක්‍රම 10ක්

1. ඩබල් අයි ෂැඩෝ භාවිතයෙන් ඔබේ ඇස්වල පෙනුම විශාල කරගන්න

මේ ආකාරයට ඔබේ දෑසට විශාල පෙනුමක් ලබා ගැනීම සදහා සුප්‍රසිද්ධ හොලිවුඩ් වේශ නිරූපණ ශිල්පියකු වන ජේක් බේලිගේ ක්‍රමවේදය වන්නේ එකම කලර් ෆැමිලි එකේ අයි ෂැඩෝ ෂේඩ්ස් දෙකක් භාවිත කිරීමයි. මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ඔබටත් ඔබේ දෑසේ පෙනුම විශාල කරගන්න පුලුවන්.

2. අයි ෂැඩෝෂ් නිවැරැදිම තැනින් තබන්න.

මේ සදහා ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පිනියක වන සාරා ලුසෙරෝගේ උපදෙස වන්නේ ලෑෂ් ලයින් එකේ හරි මැදට වර්ණ ගොඩක් යොදාගැනීමත්, ඔබේ ඇසේ හැඩයේ වඩාත්ම පුලුල් ප්‍රදේශය වන ඉහළ ඇහිපිය කෙරේ වැඩි අවධානයක් යොමු කරමින් ඉහළ ඇහිපිය දිගේ සුමට හා සැහල්ලු ලයින්ස් නිර්මාණය කිරීමත්ය.

3. බ්‍රයිට් වැඩි අයි ලයිනර්ස් හා පෙන්සිල් භාවිත කිරීමට බිය නොවන්න.

රූපලාවණ්‍ය ශිල්පිනී ලෝරා ගෙලර් පවසන්නේ. “අයි ලයිනර්ස් වලට නිල් හෝ දම් පාට වර්ණ අත්හදා බලන්න” යනුවෙනි. බ්‍රයිට් කලර්ස් භාවිතයෙන් ඔබේ ඇස් විශාල කර පෙන්වනවා. මෙම කලර්ස් නිසියාකාරව භාවිත කරමින් අදින පෙන්සිල් ලයින්ස් වලට පුලුවන් ඔබේ ඇස් වලට ඇදහිය නොහැකි ගැඹුරක් ලබාදෙන්න.

4. වඩාත් ඕපන් ලුක් එකක් සදහා “ක්‍රීස් රූල්” එක අනුගමනය කරන්න.

ලෝකයේ සිටින සුප්‍රසිද්ධම චරිත දෙකක් වන ඇන්ජලීනා ජොලීගේ හා මැඩෝනාගේ රූපලාවණ්‍ය ශිල්පිනිය වන ජොඇනා ෂ්ලිප් පවසන ආකාරයට ක්‍රීස් රූල් එක යනු, සෑම කෙනෙකුගේම ඉහළ ඇහිපිය මත පිහිටා ඇති මෙම ක්‍රීස් එක දක්වා පමණක් ලයිනර් එකක් දැමීමයි. එමගින් ඔබගේ ස්වභාවික ඇස ඉස්මතු කොට පෙන්වයි.

5. Ombre තාක්ෂණය කොණ්ඩයට පමණක් සීමා කරගන්න එපා.

තවත් ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පිනියක වන චාලර්ට් විලර් යෝජනා කරන්නේ, Ombre තාක්ෂණය පිළිබඳ සැලකිලිමත්වන ලෙසයි. ඇස් වලට ගැලපෙන පරිදි සැහැල්ලු ෂේඩ් සහ ඇහිපිය මත ඇති ක්‍රීසස් වල ඇති ෂැඩෝ වල ඩාක් ෂේඩ්ස් භාවිත කිරීම මගින් ඔබේ ඇස් වලට විශාල පෙනුමක් ලැබෙයි.

6. ඔබේ මේකප් එකට ස්වභාවිකත්වයක් එක් කිරීමට බීජ් ෂේඩ්ස් භාවිත කරන්න.

ගොඩාක් අයි ෂැඩෝස් භාවිත කරන්නේ නැතුව ඔබේ ඇස් වල පෙනුම විශාල කරගැනීමට පර්ල් කලර් අයිනර් එකක් ඇසේ ඇතුල් කෙරවලේ දමන්න. බීජ් හා බ්‍රවුන් කලර් අයිලයිනර්ස් මගින් සුදු හා දීප්තිමත් කලර්ස් වලට වඩා ස්වභාවික පෙනුමක් ලබාදෙයි.

7. දීප්තිමත් පෙනුමක් සදහා අයි කොන්ටුවර් භාවිතා කරන්න.

ඔබගේ ඇස් වලට ආකර්ෂණීය පෙනුමක් ලබා ගැනීමට ඉහළ හා පහළ අයි ලිඩ්ස් වල ලයිට් බ්‍රවුන් ෂැඩෝස් යොදන්න. ඔබේ ඇසේ පිටත කෙළවර ලයිට් පර්ල් කලර් ෂේඩ්ස් මගින් හයිලයිට් කරන්න. අයිබ්‍රෝස් වලට යටින් වයිට් අයි ෂැඩෝස් යොදන්න එමගින් තව දුරටත් ඔබේ ඇස් කාන්තිමත් වෙයි.

8. ස්මෝකි අයි තාක්ශණය මගින් ආකර්ෂණීය පෙනුමක් ලබාගන්න.

අඩු අදුරු පෙනුමකින් යුත් දෑසක් ලබා ගැනීම සදහා සම්පූර්ණ අයි ලිඩ් එකේම නියුඩ් අයි ෂැඩෝස් යොදා පෙන්සිල් එක භාවිත කරන්න. මුලින්ම ඉහළ අයි ලෑෂ් ලයින් ද පසුව පහළ අයි ලෑෂ් ලයින්ද යොදන්න. ස්මෝකි ඉෆෙක්ට් එකක් ලබා ගැනීම සදහා මෙම ලයින්ස් බ්ලෙන්ඩ් කරන්න. වයිට් ෂැඩෝ එකකින් ඇසේ කෙළවර හයිලයිට් කරන්න.

9. ලයිනිං කිරීමට අයි ෂැඩෝස් භාවිතා කරන්න.

ඇස් වලට නැවුම් හා විවෘත පෙනුමක් ලබා ගැනීමට බ්‍රවුන් හා පර්ල් කලර් අයි ෂේඩ්ස් භාවිත කරන්න. මුලින්ම ඇසේ ඇතුල් කෙලවරේ වයිට් පෙන්සිල් එක ආලේප කරන්න. ඉන්පසු මුලු අයි ලිඩ් එකේම මේන් ෂේඩ්ස් ආලේප කරන්න. බ්‍රවුන් හෝ ග්‍රේ ෂේඩ්ස් වලින් ඉහළ ලෑෂ් ලයින් එක ලයින් කරන්න. පහළ ලෑෂ් ලයින් වලට පර්ල් කලර් ෂේඩ්ස් භාවිතා කරන්න.

10. දිලිසෙන අයි ෂැඩෝස් වලින් අයි කොන්ටුවර් එක හයිලයිට් කරන්න

ඇසේ හැඩය හයිලයිට් කිරීමට දීප්තිමත් හා දිලිසෙන ෂේඩ්ස් හෝ අයිලයිනර් එකකද යෝග්‍ය වේ. තව දුරටත් විවෘත පෙනුමක් සදහා මෙම ෂේඩ්ස් වලින් ඔබේ ඇස් කොන්ටුවර් කරන්න. එමගින් ඔබේ මේකප් එක දීප්තිමත් කරගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here