‌කුරුළෑ වලින් නිදහස් වීම කියන්නේ කාන්තා පිරිමි කියලා බේදයක් නැතුව කවුරුත් කැමති දෙයක්. ඒ වෙනුවෙන් අපි ගොඩාක් දේවල් කරනවා. නමුත් සමහර අයටනම් ඒ කිසිම දෙයකින් ඵලක් වෙලා නෑ. තිබෙන කුරුළෑ නැති කර ගැනීම වගේම ඉතා වැදගත් දෙයක් තමයි නැවත කුරුළෑ හට ගැනීම වලක්වා ගන්න එක. රැජිණිය අපි අද ඔයාලට රැගෙන එන්නේ මෙලෙස කුරුළෑ ඇති වීමට උපකාරී වන ඔබ විසින්ම සිදු කරන දේවල් 7ක් පිළිබදවයි.

01. මේකප් වයිප්ස් භාවිතය

මේකප් වයිප්ස් භාවිතයෙන් ඔබට ඔබගේ මේකප් පිස ඉවත් කළ හැකියි. නමුත් මෙසේ ඉවත් වීමේදී යම් තෙල් සහිත් ගතියක් හා දූවිලි වැනි කුරුළෑ හට ගැනීමට උපකාරී වන කුරුළෑ කාරක වැනි දේවල් ඉතිරි වෙනවා. මෙම මේකප් වයිප්ස් වල ඇල්කොහොල්, සුවඳ විලවුන් හා වෙනත් ඔබේ සම වියලීමට ලක්කරන අමුද්‍රව්‍ය අඩංගු වෙනවා. ඔබට ඇත්තේ සංවේදී සමක් නම් සම තදින් ඇතිල්ලීමෙන් වලකින්න. එමගින් ඔබෙ සමට හානි සිදුවෙනවා. එසේ කිරීමෙන් ඔබේ සම දැවිල්ලට හා ඉදිමීමට ලක් වී සම මතුපිට සිදුරු අවහිර කරනවා.

2.වැරදි සන් ක්‍රීම් භාවිතය

සන් ක්‍රීම් කියන්නේ අපේ සම හිරුගේ බලපෑම් වලින් ආරක්ෂා ඉතා වැදගත් නිෂ්පාදනයක්. ඒ වුනාට සමහර සන් ක්‍රීම් වර්ග තියෙනවා කුරුළෑ ඇතිවීම සදහා බලපාන. තෙල් සහිත කාබනික ෆිල්ටර්ස් අඩංගු සන්ක්‍රීම් වලින් ඔබේ සමට කැසීමක් හා දැවිල්ලක් ඇති කරන්න පුලුවන්. එසේම සමහර සන් ක්‍රීම් මගින් ඔබේ සම මතුපිට සිදුරු අවහිර කරමින් කුරුළෑ හා කැළැල් ඇති කරනවා. ඔබේ සම කුරුළෑ ඇති නොවන ආකාරයට හිරු කිරණින් ආරක්ෂා කර ගැනීමට ඇති හොඳම ක්‍රමය තමයි  SPF අඩංගු මොයිස්චර‍යිසර් ආලේප කිරීම. එසේම මේවා ආලේප කිරීමට කලින් සම හොඳින් පිරිසිදු කරන්න.

3.ඔබේ උපැස් යුවල පිරිසිඳු නොකිරීම

ඔබ පලඳින කණ්නාඩි දෙක අවට කුරුළෑ ඇති වීමට ප්‍රධාන හේතුවක් තමයි කණ්නාඩි දෙකේ ෆ්‍රේම් එක පිරිසිදු නොකිරීම. ඔබේ නාසය දෙපස හා ඇස් දෙක වටේ කුරුළෑ ඇතිවීම වලක්වා ගැනීම ඔබ කණ්නාඩි පාවිච්චි කරන කෙනෙක් නම් වෛද්‍යවරු පවා නිර්දේශ කරන්නේ කණ්නාඩි දෙකේ ෆ්‍රේම් එක නිතර පිරිසිඳු කිරීමයි. එසේම ඔබේ කණ්නාඩි දෙකේ ෆ්‍රේම් එක ගොඩක් හිරයි නම් එමගින් ඔබේ සම මතුපිට සිදුරු අවහිර කොට සමේ මැරුණු සෛල නැවතත් එම සිදුරු තුළින් ඇතුලට තල්ලු කරනවා. එමනිසා සැහැල්ලු ෆ්‍ර්‍රේම් එකක් සහීත උපැස් යුවලක් භාවිත කරන්න.

4.මුහුණ අධික ලෙස සෙදීම

කුරුළෑ වලින් ආරක්ෂා වීම සදහා මුහුණ නිතර පිරිසිදුව තබා ගැනීම අත්‍යාවශ්‍ය දෙයක් වුනත් අධික ලෙස මුහුණ සෙදීම මගින් විරුද්ධ ප්‍රථිපලයක් අත් කර දෙන්න පුලුවන්. සම පිලිබඳ වෛද්‍යවරු පවසන්නේ ඔනෑවට වඩා සම පිරිසිදු කිරීම මගින් සමේ සමතුලිතතාවයන් බිඳ වැටෙන බවයි . ඔබේ අමතර තෙල් වියලීම සදහා භවිත කරන නිශ්පාදන මගින් ඔබේ සම අධික ලෙස වියලීමට ලක් කරන අත‍ර තෙල් ග්‍රන්ථි මගින් වැඩිපුර තෙල් නිපදවීම සිදු වීම හා කුරුළෑ ඇතිවීම සිදු විය හැකිය.

5.අධික ලෙස හිසකෙස් සදහා ඇති නිශ්පාදන භාවිතය

ඔබ හිසකෙස් සුමුදු කරගැනීමට භාවිතා කරන සමහර නිශ්පාදන මගින්ද කුරුළෑ ඇති කිරීම සිදුකරනවා. සමහර ෂැම්පු කන්ඩිශනර් හා නොයෙකුත් හිස ආලේපන වර්ග මගින් ඔබේ නලලේ සහ කොණ්ඩය තුළ කුරුළෑ ඇති කර හැකියි. මෙම නිශ්පාදන මුහුණේ ගැවීමෙන් ද කුරුළෑ මෙන්ම කැසීම් හා දැවිල්ල ගැනීම් ඇතිවී මුහුණේ සමට හානිකළ හැකිය.

6.උණුසුම් ජලය මගින් මුහුණ සේදීම

ගොඩක් අය හවසට හෝ රාත්‍රියේදී නානකොට උණු වතුර භාවිතා කරනවා. උණු වතුර මගින් සමට විශාල හානියක් ගෙන දෙනවා. විශේෂයෙන්ම මුහුණේ සමටනම් උණු වතුර ඉතා අහිත කරයි. එමගින් ඔබේ සමේ ඇති ස්වභාවික තෙල් සෝදා හැර සම දැඩි ලෙස වියලීමට ලක් කොට කුරුළෑ ඇති කරනවා.

7.ව්‍යායාම කිරීමෙන් පසුව පිරිසිදු නොවීම

ඔබ ව්‍යායාම කිරීමෙන් අනතුරුව ඇග සෙදීම හෝ ස්නානය කිරීම සිදු නොකළහොත් කුරුළෑ ඇති විය හැකිය. ව්‍යායාම කිරීමෙන් දහඩිය දැමීම මගින් දහඩිය වල බැක්ටීරියා සමේ සිදුරු අවහිර කරමින් කුරුළෑ ඇතිකරනවා. සම පිලිබද විශේෂඥඥයන් නිර්දේශ කරන්නේ ව්‍යායාම කිරීමෙන් අනතුරුව දහඩිය, තෙල් හා දූවිලි ඉවත් වන ආකාරයට පිරිසිදු වීම අත්‍යාවශ්‍ය බවයි.

ඔබට මෙවැනි ආකාරයේ පුරුදු ඇත්නම් ඒවායෙන් වළකින්න. ඔබේ කුරුළෑ වලට විරුද්ධව කරන සටනේ ඉතා හොඳ ප්‍රවනතාවයක් අත්විදිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here