පොතක කවරයකින් පමණක් එහි අන්තර්ගතය මනින්න අපහසුයි. ඒ වගේම යම් පුද්ගලයෙකු දෙස බැලූ පමනින් ඒ පුද්ගලයා මුල් කර ගත් සම්පූර්ණ තක්සේරුවක් ලබා ගැනීම අපහසුයි. නමුත් අපටත් නොදැනීම යම් පුද්ගලයන් මුල් කර ගෙන ප්‍රසන්න හෝ අප්‍රසන්නතාවයන් ඇති වෙන අවස්ථාවන් තිබෙනවා.සමාජයේ ගැවසෙන පුද්ගලයෙකු ලෙසින් ඔබටත් ඒ අන්දමින් විවිධ පුද්ගලයන් මුණ ගැසෙන අතර ඔවුන් ගැන යම් පුර්ව විනිශ්චයන් සැබැවින්ම ගොඩ නැගෙනු ඇති. ඊට හේතුව මොළය විසින් පුදුමාකාර වේගයකින් පුද්ගලයන්ගේ මුහුණේ හැඟීම් අවිඥානකව මෙන් හඳුනා ගැනීමයි..ඒ නිසා පළමු හැඟීම ඉතාම වැදගත්.අපට හමුවෙන පුද්ගලයා දෙස බැලූ විට ඒ තැනැත්තාගෙන් ලැබෙන මුල්ම උත්තේජනය අනුව අපි යම් යම් ගුණාංගයන් ගැන අනුමානයන් ගොඩ නගා ගැනීම නොදැණුවත්ම මෙන් සිදුවෙන්නක්.

1.විශේෂ අය අතර සුවිශේෂී විය හැකියි.

මෑතකදී සිදු කරන ලද අධ්‍යනයන් මගින් පෙන්වා දෙන්නේ මුහුණේ ලක්ෂණ මගින් ඔබ මුල් කර ගෙන යම් උපකල්පනයන් ගොඩ නගා ගත හැකි බවයි.ඔබ නායකත්වයට සුදුසුදැයි දුටු පමනින්ම යමෙකුට අදහසක් ගොඩ නගා ගත හැකියි. ඒ සංකල්පය නිසාම සමහර විට ඔබ විධායක තනතුරක් වෙනුවෙන් බඳවා ගැනීමට ඇති සම්භාව්‍යතාවය වැඩි වීමට ඉඩ තිබේ.විශේෂ පිරිසක් අතරින් ඔබ සුවිශේෂී වීමට මුහුණෙන් ඉස්මතු වෙන පෙනුම වැදගත් වේ.ඊට අමතරව මුහුණේ කෝනය සහ සමේ පැහැයද ප්‍රමුඛ කාර්යක් ඉටු කරනු ලැබේ.

2. හොර මුහුණක් තියෙන්නේ

ඔබ මුල් කර ගෙන තවත් අයෙකු තුළ විශ්වාසය ගොඩ නැගීමටත් මුහුණෙන් ලැබෙන පෙනුම වැදගත් . මේ ගැන ඔබටත් අත්දැකීම් ඇති.මට නම් දැක්ක ගමන්ම සැක හිතුනා . හොර මුහුණක් තියෙන්නේ..මේ වගේ වචන කවදා හෝ දිනක ඔබගෙනුත් පිට වී ඇති. මේ නිසා ඔබ ගේ සැකයේ වාසිය ඔබට ලැබී ඇති. අපට කෙනෙකුගෙන් මුදලක් ණයට හෝ ගැනීමට හැකි වන්නේ අපේ මුහුණෙන් ඔවුන් තුළ විශ්වාසයක් ගොඩ නැගුනොත් පමණි. එසේ නොමැති නම් ඔවුන්ට හැකියාවක් තිබුනත් අපට ණයට හෝ මුදලක් දීමට මැලි වෙනු ඇත.එසේ නම් ඔබේ අවංකබව, ආධිපත්‍ය හෝ දක්ෂතාවය තවත් අයෙකු මුහුණෙන් තේරුම් ගන්නේ කෙසේද..? එය ඉතාම සරලයි. ඔබ අවංකව සිනාසීම එසේත් නැත්නම් රවා බැලීම මත ඔබ මුල් කර ගෙන සුබවාදී හෝ අසුබවාදී සංකල්පයන් සමාජයේ ගොඩ නැගෙනු ඇත.

3. දැක්ක ගමන් හිත වැටුනා..

සමහර අවස්ථාවලදී පෙර පුරුදු අයෙකු නොවුනත් යම් පුද්ගලයෙකු දුටු ගමන් ඔබට ඒ තැනැත්තා ගැන පැහැදීමක් ඇති වේ.ඔබ ගැනත් එසේම තවත් අයෙකුට යම් ප්‍රසන්නතාවයක් ඇති වේ. සමහර විට මේ නිසාම ඔබේ අනාගත සහකරු මුණගැසෙන්නේ මේ අන්දමින් විය හැකියි.අපට පළමු හැගීම ඇති වෙන විට ඇහි බැමේ හැඩයේ සිට අස්ථි ව්‍යුහය දක්වා වූ කුඩා වෙනස්කම්වලට ප්‍රතික්‍රියා දක්වනු ඇත.ඉතා සරලව කිවහොත් මේ සිදුවීම ඔබ විසින් මුණගැසෙන පුද්ගලයා මුල් කර ගෙන ඇති ස්වයංසිද්ධ ඇගයීමකි.යම් පුද්ගලයෙකුගේ පෞරෂය ගැන අදහසක් ගොඩ නගා ගැනීමට අපට වැය වෙන්නේ මිලි තත්පර 40 ක් තරම් ඉතාම සුළු කාලයකි.වයස අවුරුදු තුනක් හතරක් වැනි කිරි දරුවන්ට පවා පුද්ගලයෙකුගේ මුහුණ දෙස බලා ඔහු හොඳ හෝ නරක පුද්ගලයෙක්දැයි තේරුම් ගැනීමට හැකියාව ඇත.

4.නමුත්…වරදින තැනක්ද ඇත.

නමුත් අප පෙනුම අනුව බොහෝ දේ ගැන පුර්ව විනිශ්චයන් ලබා ඇත.මුහුණ දෙස බලා ගොඩ නගා ගත් විහ්වාස නිසා අප විවිධ අවස්තාවන්ට අනුන්ගේ ගොදුරු බවට හෝ වරදකරුවන් බවට පත් වී ඇත.ඒ අප විසින් ඔවුන්ගේ බාහිර පෙනුම මත ලබා ගත් වැරදි විනිශ්චයන් නිසාය.අප විසින් දැන් මුහුණ දිය යුතු සත්‍ය එයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here