1. නවසිලන්තයේ ”මෝ (Moa ) කුරුල්ලන්

නවසිලන්තයේ ”මෝ ” කුරුල්ලන්ට අත්තටු නැහැ. අද වෙන විට මේ කුරුල්ලන් ඇතුලත්ව ඇත්තේ වඳ වී ගිය ජීව විශේෂයන්ගේ ලැයිස්තුවටයි.වසර 1500 කට පමණ පෙරාතුව මේ පක්ෂීන් සංහාරයට පත් කළේ ”මාඹ්රි”ගෝත්‍රිකයන්. ගෝත්‍රිකයන් අතර පවතින විවිධ චාරිත්‍ර සහ මිථ්‍යාවන් නිසා ඇතැම් අවස්ථාවන්හිදී පරිසරයටත් හානි සිදු වී තිබෙනවා.ඒ වගේ ”’මෝ ” පක්ෂින් සංහාරය කිරීමේ චෝදනාව සෘජුවම ”මාඕරි”ගෝත්‍රිකයන්ට එල්ල වෙනවා.නමුත් පාරිසරික ගවේශකයන් විසින් ”මෝ ” පක්ෂින්ගේ විශාල නියපොත්තක් 20 වන සියවසේදී හඳුනා ගත්තා.ඇතත්ටම මේ කුරුලු නියපොත්තක්දැයි හදුනා ගැනීමත් අපහසු තරම් එය විශාලත්වයකින් යුක්තයි.

2.සිමෙන්ති හුණු බදාම නැති පෙරු හි Saksaywaman පන්සල් සංකීර්ණය

පෙරුනගරයේ පිහිටා තිබෙන ‘සකයිවාමන්” පන්සල් සංකීර්නයේ තිබෙන විශේෂත්වය ගැන ඇහුවොත් ඔබ මවිතයට පත් වේවි.හුණු බදාම යොදා ගෙන නැති මේ පන්සල් සංකීර්නයේ බිත්ති අතර ඇති ගල් එකින් එකට සවිමත්ව තිබෙනවා. සෑම ගලක්ම සුමටයි. වටකුරු කොන් සහිතයි. ඒ වගේම ගල් අතර කිසිදු සිදුරක් නැහැ. මේ සුවිශේෂී ඉදිකිරිම මොනතරම් අපුරුද කිවහොත් අඩුම තරමින් කඩදාසි කැබැල්ලක්වත් මේ ගල් අතරින් යවන්න බැහැ. හැබැයි මේ පන්සල් සංකීර්නයේ ඉදිකළ අය ගැන කොතැනකවත් සඳහනක් නැහැ.ඇත්තටම මේ අපුරු ශිල්පියා නිහඬ නිර්මානකරුවෙක් විය හැකියි.

3.බොලිවියාවේ හිරු දොරටුව

”තිවන්කු”යනුවෙන් හැඳින්වෙන්නේ බොලිවියාවේ පැරණි පමණක් නොව අද්භුත නගරයක්.හිරු දොරටුව පිහිටා තිබෙන්නේ ක්‍රි.ව පළමු සියවසේ විශාල අධිරාජ්‍යක කේන්ද්‍රස්ථානයක බව ඇතැම් පුරාවිද්‍යඥයින් සඳහන් කරනවා. මේ දොරටුවේ කැටයම් තිබුනත් ඒවායින් කියැවෙන දේ ගැන පැහැදිලි අදහසක් ගැනීම නම් අපහසුයි.ඒ වුනත් හිරු දොරටුවක් නිසා මෙහි තාරකා හෝ ජ්‍යොතිෂ වැදගත්කමක් තිබෙන්න පුලුවනි.

4.චීනයේ ලෝන්ගු ගුහා

මිනිස් දෑත් යොදා ගෙන නිර්මානය කරන ලද චීනයේ ලෝන්ග් ගුහා ඉදිකිරීමට දහස් ගණනාවකගේ ශ්‍රම දායකත්වය ලැබෙන්න ඇති.එහෙත් මේ තරම් විස්මකර්ම වැඩක් කල oවුන් කවුද…? ගුහා නිර්මානය කළේ කවුද කියන එක ගැන හාංකාවිසියක්වත් මේ ලෙන්වලින් හදුනාගන්න ලැබෙන්නේ නැහැ.ඒ තරමටම ඔවුන්ගේ වික්‍රමය නිහඬයි.

5.ඊජිප්තුවේ අවසාන නොකළ ඔබිලික්ස්

මේ ගල් පර්වතය කැටයම් කිරීමට පටන් ගත් තැනදීම පිපිරී යෑමට පටන් ගත්තා. ඒ නිසා ශිල්පින්ට ඔවන්ගේ කිර්මානය අතහරින්න සිදු වුනා.තවමත් මෙය අවසාන නැහැ.ඒ වුනත් ආරම්භයේදීම නිර්මානයේ කලාත්මක බව නිසා අවසාන වුනා නම් කොහොමදැයි දකින අයම තක්සේරු කරනවා.අවාසනාවකට වගේ ගල්කැටයම තවමත් අවසානයක් නැති නිර්මානයක්.

6.ජපානයේ ”යොනාගුනි”දියයට නගරය

මේ නගරය හමු වුනේ අහම්බෙන්.කිමිදුම් උපදේශකවරයෙකු වන ”කිහාචිරෝ අරටකේ ” විසින් අහඹු ලෙසින් හදුනා ගත් මේ නගරය ඉතාම විසිතුරුයි. දිය යට වුනත් විද්‍යානුකූල ඉදිකිරීමක්.ඊජිප්තු පිරමිඩ ඉදිකරන ලද කාලයටත් වඩා දිගු ඉතිහාසයක් ඇති මේ නගරයේ කැටයම් කරන ලද පර්වතය වසර දහදහසකට පමණ පෙරාතුව දියේ ගිලී ගියා.පුරාවිද්‍යාඥයින්ගේ අදහසට අනුව මේ ඉදිකිරීම ප්‍රාථමික යුගයට අයත් විය හැකියි.ඊට හේතුව විදිහට ඔවුන් පෙන්වා දෙන්නේ මේ යුගයේ මිනිසුන් ගුහාවලට වී ජීවත්වුන අතර ඔවුන් දඩයමේ නොගොහින් වන මුල් වන ඵලාපල වලින් යැපුන බවයි.

7.පකිස්තානයේ මලවුන්ගේ කන්ද

මේ නගරයේ බිඳ වැටීම ආරම්භ වුනේ 1922 වසරේදී.ඒත් රහස තවමත් දන්නේ නැහැ.ඉන්දීය පුරාවිද්‍යාඥ ආර්.ඩී බැනර්ජි විසින් ඉන්දු ගංගාවේ එක් දූපතක තිබී නටබුන් සොයා ගත්තත් මේ නගරය විනාශ වුනේ කොහොමද..? නගර වැසියන්ට සිදු වුනේ කුමක්ද..? සියල්ලම තවමත් පිලිතුරු නැති තැනකයි.

8.කැනඩාවේ- L’Anse aux Meadows

කැනඩාවේ පිහිටි L’Anse aux Meadows පුරාවිද්‍යාත්මක ස්ථානය දහස් ගණනකට පෙරාතුව වයිකින්වුන් විසින් ආරම්භ කරන ලද ජනාවාසයකි.ක්‍රිස්ටෝපර් කොලම්බස් ගේ උපතට පෙරාතුව ස්කැන්ඩිනේවියානු නාවිකයන් උතුරු ඇමරිකාවට ප්‍රවේශ වී ඇත්තේ මේ ජනාවාසය ඔස්සේය.

9.ගල් යුගයේ උමං මාර්ග

යුරෝපයේ සිට ස්කොට්ලන්තය තුර්කිය තෙක් විහිදී තිබෙන මෙම භුගත උමං මාර්ගය සාක්සි සපයන්නේ ගල් යුගයේ උදවිය දඩයමින් ජීවත් නොවූ බවටයි.සමහර පුරාවිද්‍යාඥයින් සඳහන් කරන්නේ මෙම උමං මාර්ග ඉදි කිරීමට ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාවට බවයි. තවත් අදහසකට අනුව විලෝපීයන්ගෙන් ආරක්ෂාව ලබා ගැනීම සඳහා මෙම උමං මාර්ග ඉදිකිරීමට ඇති බවයි.

10. කොස්ටරිකාවේ යෝධ ගල් ගෝලය

1939 කොස්ටරිකාවේ කෙසෙල් වගාවක නිරතව සිටි ගොවියන් විසින් මෙම යෝධ ගල් ගෝලය හදුනා ගෙන තිබේ.මේ ගෝල මුල් කර ගෙන විවිධ ජනප්‍රවාදයන් ඇති අතර ඇතැමුන් කියන්නේ මේවායේ රත්රන් අඩංගුව ඇති බවයි.එපමණක් නොව මෙම ගෝලයන්හි හැඩය සහ ආරම්භය ගැනත් ඇත්තේ තවමත් විසදා ගත නොහැකි ගැටලු කීපයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here