1. තවත් කාන්තාවක් ඇතුලේ

ඉන්ද්‍රජාලිකයා අපට කාන්තාවකගේ රූපයෙන් බාගයක් පෙන්වද්දී අපි ඇස් ලොකු කර ගෙන ඒ දිහා බලාගෙන හිටියත් ඔබ නොදන්න රහසක් එතැන තියෙනවා. මැජික් පෙට්ටියේ ඉන්ද්‍රජාලිකයා වෙනුවෙන් සහායක කාන්තාවන් දෙදෙනෙකු සිටින අතර අපි දකින්නේ එක් කාන්තාවකගෙන් බාගයක්. ඒ කියන්නේ තවත් කාන්තාවක් පෙට්ටිය ඇතුලේ ඉන්නවා.

2. අයියෝ සල්ලි

කාලයකට පෙරාතුව ඩේවිඩ් කොෆර්ෆීල්ඩ් සමාජය ඉදිරියේ නැවී ගිය ඩොලර් කොලයකින් බාගයක් ඉරා දැම්මේ හැම දෙනාම මවිතයට පත් කරමින්. එදා බොහෝ දෙනා අයියෝ සල්ලි කිව්වත් ඇස්බැන්දුමේ රහස ගැන ඔබ දන්නවා නම් අනේ අපේ ඇස් රැවටුන තරමක් කියලා හිතනවා සිකුරුයි.පැන්සලකට විකර්ණයක් ඒ කියන්නේ අර්ධයක් විදිහට කපන ලද චුම්බකයක් සවි කර තිබෙනවා.මුදල් නෝට්ටුව මේ චුම්බක අර්ධ දෙක අතර ගමන් කරන්නේ මුදල් නෝට්ටුවට කිසිම හානියක් සිදු නොවන විදිහටයි.අපට පේන්නේ නෝට්ටුව දෙකටම ඉරුනා වගෙයි.

3. ඇත්තටම ඔහු අහසින් යන්නේ නැහැ.

වීදි මැජික්කාරයන් අතර මේ උපක්‍රමය ඉතා සාර්ථකයි.එය ඇත්තටම සැඟවුන හැකියාවක්.ඉන්ද්‍රජාලිකයා සගවා ගත් යෂ්ටිය මුවා කර ගෙන සිටිනවා.එය ඉතා සීරුවෙන් අපට නොපෙනෙන සේ සගවා ගෙන සිටින අතර බොහොම සරල විදිහට මේ ආධාරකයේ උදව්වෙන් නැගී සිටිනවා.ඉන්ද්‍රජාලකයා අපට පෙන්වන්නේ ගුරුත්වාකර්ෂනයට ප්‍රතිවිරුද්ධව අහසේ යනවා වගේ සංකල්පයක්. නමුත් රහසෙන් ලැබෙන උදව් ගැන අපට පේන්නේ නැහැ.

4. වීදුරුව බිඳෙන්නේ නැත්තේ ඇයි?

මේසය මත ඇති වතුර වීදුරුව ලේන්සුවකින් ආවරනය කර තිබෙනවා.ඔන්න මැජික්කාරයා ඇවිත් බොහොම උජාරුවෙන් වතුර වීදුරුව අහසට විසි කරනවා.අපිත් ඉතින් දැන් විමතියෙන් බලා ගෙන ඉන්නේ වතුර වීදුරුවට මොකද වෙන්නේ..?ඉන්ද්‍රජාලිකයා කිසිම බියක් නැතුව ඉද්දී ලේන්සුව බිමට වැටෙනවා. හැබයි වතුර වීදුරුව අතුරුදහන්.අපි නොදන්න මැජික් හින්දා මැජික්කාරයා උප්පරවැට්ටි දෙකක් අනුගමනය කරනවා.

ඔන්න එක-අත්ලේන්සුවට කම්බි මුද්දක් සම්බන්ධ කර තිබෙනවා.දැන් අපට පෙනෙන්නේ වීදුරුව තියෙන්නේ ලේන්සුවට යටින් විදිහටයි.

දෙවැනි රහස- මේසයේ සිදුරක් තියෙනවා. ඒ සිදුර ඔස්සේ යටින් තියා ඇති මල්ල ඇතුලට වීදුරුව කිසිම උපද්‍රවයක් නැතුව වැටෙනවා..

5. උදව්කාරයාගේ හැකියාව මත රැඳෙන මැජික් හැකියාව

මේ මැජික් උපක්‍රමය සාර්ථක වෙන්නේ ඉන්ද්‍රජාලිකයාගේ සහායකයාගේ හැකියාව මතයි. අමුතු ආකාරයේ පෙට්ටියක සිට මැජික්කාරයා මිනිසුන් වෙතට අත්, පා හසුරුවන අතර ඒ වෙනුවෙන් උදව් කරන සහායකයෙක් පෙට්ටිය පිටුපසින් සිටිනවා. ඉතින් ඉන්ද්‍රජාලිකයා සාර්ථක වෙන්නේ ඒ වෙනුවෙන් සහය වෙන උදව්කාරයාගේ හැකියාව අනුවයි.

6. මයිකල් ජැක්සන්ගේ රංගනය

ඔබට මයිකල් ජැක්සන් විසින් ’Smooth Criminal’ ගීතය ගායනා කරද්දී කළ අපුරු රංඟනය මතකද..?කොහොම වුනත් ගුරුත්වාකර්ෂනයත් අමතක කළ මේ රංගනයේදී ඒ තරම් සිරුර නම්‍යශීලී විදිහට හසුරුවනු ලැබුවා.ඔහු අංශක 45 ක කෝණයකට වළලුකර නවන අතර ඔහු සිරුරම සෘජුව තබා ගන්නවා.

හැබැයි රහස මොකක්ද දන්නවාද..? මයිකල් ජැක්සන්ගේ සපත්තුව.ඔහුගේ සපත්තුවේ ඇති විශේෂිත විළුඹ බිටම සවි වෙන නිසා මයිකල් ජැක්සන් ඔහුගේ සිරුර උවමනා විදිහට හසුරුවනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here